Updated Jul 22, 2026 · v2.1.4
අමතර ගාස්තු රහිතව මුදල් බාරගත හැකි QR එකක් තමන්ටම සාදාගත හැකි POS ඇප් එකකි
ශ්‍රී ලංකාවේ කුඩා පරිමාණ දේශීය ව්‍යාපාර ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වීම සඳහා හඳුන්වා දෙනු ලබන "හෙළPOS" ඇප් එක මඟින්, ඔබේ ව්‍යාපාරයේ එදිනෙදා ගනුදෙනු සියල්ල නොමිලේ ඩිජිටල්ව සටහන් තබා ගැනීමටත්, LankaQR සඳහා සහය දක්වන හෙළකුරු ඇතුළු ඕනෑම ඇප් එකකින්, අමතර ගාස්තු රහිතව රු.5000 දක්වා ඩිජිටල්ව මුදල් ලබාගැනීමටත් හැකියාව ලැබේ. සිංහල භාෂාවෙන් ඉතා සරලව භාවිතා කළ හැකි පරිදි හඳුන්වා දී ඇති මෙම POS (Point-of-Sales) ඇප් එක නොමිලේ ඩවුන්ලොන්ඩ් කරගෙන ඒ හරහාම ස්වයංව ලියාපදිංචි වීමෙන්, ඩිජිටල් තාක්ෂණය යොදාගනිමින් ඔබේ ව්‍යාපාර කටයුතු වඩා පහසු සහ කාර්යක්ෂම කර ගැනීම සඳහා ඔබට මෙම ඇප් එක දැන් භාවිතා කළ හැකියි. 💎 ඔබේ ව්‍යාපාරයට මෙමඟින් සැපයෙන පහසුකම්: ⭐ ව්‍යාපාරයේ සියලු අලෙවියන් (Sales) ගැන ඩිජිටල්ව වාර්තා තබා ගැනීමේ පහසුකම ⭐ ඔබේ පාරිභෝගිකයා මුදල් ගෙවන්නේ කාසි/නෝට්ටු වලින් ද, නැතහොත් LankaQR හරහා ඩිජිටල්ව ද යන්න ගැන වෙන් වෙන්ව වාර්තා තබා ගැනීමේ පහසුකම ⭐ ඩිජිටල්ව මුදල් ලබා ගැනීම සඳහා ඩිජිටල් LankaQR එකක් පාරිභෝගිකයාට පෙන්වීමේ පහසුකම ⭐ පාරිභෝගිකයා LankaQR හරහා ඩිජිටල්ව මුදල් ගෙවූ විට ඒ පිළිබඳ ක්ෂණිකව දැනුවත් වීමේ Notifications ලබාගැනීමේ පහසුකම ⭐ දිනය අවසානයේ කාසි/නෝට්ටු වලින් සහ ඩිජිටල්ව බාරගත් මුදල් එකතුව වෙන් වෙන්ව දැක බලාගැනීමේ පහසුකම ⭐ ඩිජිටල්ව බාරගත් මුදල් දිනය අවසානයේ තම බැංකු ගිණුමට බැර වූ ආකාරය දැක බලාගැනීමේ පහසුකම 💎 ඔබේ ව්‍යාපාරයේ කාර්ය මණ්ඩලයටත් විශේෂ පහසුකම්: මෙහි හඳුන්වා දී ඇති Owner, Manager හෝ Cashier යන විවිධ අවසර මට්ටම් යටතේ ඔබේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ටද මෙම ඇප් එක භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම තුළින්, ව්‍යාපාරයේ සිදුවන සෑම ගනුදෙනුවක්ම ඔබට විනිවිදව දැක කළමණාකරණය කර ගැනීමට හැකියාව ලැබෙයි. 🔑 Cashier අවසරය ලබාදෙන්නන්ට: ⭐ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාගන්නා නව අලෙවි (Sales) සටහන් කිරීමට, ⭐ තමා සටහන් කරනා අලෙවි සඳහා ඩිජිටල්ව මුදල් ලබාගැනීමේදී, මුදල ලැබුනු බව ක්ෂණිකව දැනගත හැකි Notifications ලබාගැනීමට, ⭐ තමා සටහන් කළ පෙර අලෙවි ලැයිස්තුව දැක බලාගැනීමට පමණක් හැකියාව ලැබෙයි. 🔑 Manager අවසරය ලබාදෙන්නන්ට: ⭐ ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මුදල් ලබාගන්නා නව අලෙවි (Sales) සටහන් කිරීමට, ⭐ කාර්ය මණ්ඩලයේ සියලු දෙනා විසින් සටහන් කරනා අලෙවි සඳහා ඩිජිටල්ව මුදල් ලබාගැනීමේදී, මුදල ලැබුනු බව ක්ෂණිකව දැනගත හැකි Notifications ලබාගැනීමට, ⭐ කාර්ය මණ්ඩලයේ ඕනෑම අයෙක් විසින් සටහන් කළ අලෙවි වාර්තාවක් මැකීමට හෝ ඩිජිටල්ව ලබාගත් මුදල් ගෙවීමක් Void කිරීමට හැකියාව ලැබෙයි. 🔑 Owner අවසරය ලබාදෙන්නන්ට: ⭐ ඉහත කී Manager අවසරය යටතේ ලැබෙන හැකියාවන්ට අමතරව, ⭐ Owner, Manager හෝ Cashier අවසර මටට්ම් යටතේ නව කාර්ය මණ්ඩල සාමාජිකයින්ට ඔබේ ව්‍යාපාරික තොරතුරු වෙත අවසර දීමටත්, අවසර ඇති අය ඉවත් කිරීමටත්, ⭐ ව්‍යාපාරයේ අලෙවි සඳහා ඩිජිටල්ව ලබාගන්නා මුදල් ව්‍යාපාරයේ බැංකු ගිණුමට බැර වන ආකාරය දැක බලා ගැනීමටත් හැකියාව ලැබෙයි. මෙම අවසර මට්ටම් වලින් එකක් යොදා, ඔබේ කාර්ය මණ්ඩලයේ සිටින ඕනෑම සාමාජිකයින් ගණනකට ඔබේ ව්‍යාපාරය වෙනුවෙන් මෙම ඇප් එක භාවිතා කිරීමේ අවකාශය ඔබට ලබා දිය හැකියි. ඔවුන්ට අවසර හිමි වන්නේ ඔබේ ව්‍යාපාරය තුළ ඔබ අවසර ලබාදෙන කාර්යයන් කිරීමට පමණක් නිසා, ඔවුන්ගේ පුද්ගලික Android හෝ Apple දුරකථන ඔස්සේ වුවද මෙම ඇප් එක ඔවුන්ට භාවිතා කළ හැකියි. 💎 මේ හරහා ඩිජිටල් ගෙවීම් ලබාගන්නා ආකාරය: 1. (+) ලකුණ ඔබා අලෙවියේ මිල ඇතුළත් කර "QR පෙන්වන්න" button එක ඔබන්න. 2. එවිට තිරයේ දිස්වන LankaQR එක ඔබේ පාරිභෝගිකයාට පෙන්වන්න. 3. පාරිභෝගිකයා එය හෙළකුරු හරහා ස්කෑන් කර ගෙවූ පසු, ඔබට ක්ෂණිකව ඒ පිළිබඳ Notification එකක් ලැබී, ගෙවීම සාර්ථකව ලැබුනු බව තිරයේ දිස්වනු ඇත. 4. මෙලෙස ඔබ හෝ ඔබේ කාර්ය මණ්ඩලය දවස පුරා ලබාගන්නා ඩිජිටල් ගෙවීම් වල මුළු එකතුව, ගාස්තු අඩු වීමෙන් පසු, ඔබේ ව්‍යාපාරයේ බැංකු ගිණුමට දවස අවසානයේ ස්වයංක්‍රීයව බැර වෙනු ඇත. 💎 සේවා ගාස්තු: ⭐ මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගැනීම හෝ භාවිතා කිරීම සඳහා කිසිඳු ගාස්තුවක් අය නොවෙයි. ⭐ ඔබේ පාරිභෝගිකයින්ගෙන් ඩිජිටල්ව මුදල් බාරගැනීමේදී රු.5000 ට අඩු ගෙවීම් සඳහා කිසිඳු අමතර ගාස්තුවක් අය නොවේ. ඊට වැඩි ගෙවීම් සඳහා 1% ක ගාස්තුවක් පමණක් අය වේ. 💎 වෙනසට එක්වෙමු! හෙළPOS යනු, ලංකාවේ විශාලතම ඇප් එක වන "හෙළකුරු" විසින් දේශීය ව්‍යාපාර වෙත හඳුන්වාදෙනු ලබන සාඩම්බර ශ්‍රී ලාංකේය ඩිජිටල් ව්‍යාපාරික විසඳුමකි. ඔබේ දේශීය ව්‍යාපාරයත් අදම හෙළPOS සමඟින් ඩිජිටල් තාක්ෂණයෙන් බලගන්වා ගන්න! 🇱🇰✊ 💎 විමසීම්: Hotline: 0115 550 550 Live Chat: http://m.me/helaposlk භාෂා ලංකා (පුද්ගලික) සමාගම 46, ගාලු පාර, කළුතර https://www.bhasha.lk
This app isn't currently appearing in any tracked top charts.